යුක්රේනය විසින් ප්‍රංශයේ නිෂ්පාදිත යාත්‍රා කෙරෙන මිසයිල (Cruise Missiles), නිරවද්‍ය ඉලක්ක වෙත එල්ල කළ හැකි බෝම්බ සහ ගුවන් ආරක්ෂණ මිසයිල දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රංශය අවසර දී ඇති බව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) නිවේදනය කරයි.
පැරිස් නුවර පැවැති රාජ්‍ය නායකයින්ගේ සමුළුවකදී මැක්‍රෝන් මහතා සඳහන් කළේ, තමන් සහ යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග සිතියමකට එකඟ වූ බවයි. ප්‍රංශය විසින් යුක්රේනයට තමන්ගේම ආයුධ නිෂ්පාදනය කිරීමට බලපත්‍රයක් ලබා දුන් පළමු අවස්ථාව මෙය වේ.
මේ යටතේ AASM නිරවද්‍ය බෝම්බ, Aster ගුවන් ආරක්ෂණ මිසයිල සහ SCALP දිගුදුර මිසයිල යුක්රේනය තුළ නිෂ්පාදනය කෙරෙනු ඇත. මීට අමතරව, යුක්රේනය විසින් ප්‍රංශ-ඉතාලි ඒකාබද්ධ නිෂ්පාදනයක් වන නව පරපුරේ SAMP-T ගුවන් ආරක්ෂණ පද්ධති සහ ‘රෆායල්’ (Rafale) ප්‍රහාරක ගුවන් යානා 16ක් ඇණවුම් කර ඇති අතර, එම ගුවන් යානා 2028-2029 වන විට යුක්රේන ගුවන් සීමාවට එක්වීමට නියමිතය. රුසියාව සමඟ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු යෙදවීමට නියමිත බහුජාතික බලකායක සැලැස්මක් යටතේ, යුක්රේනයට මායිම් වූ රටවල හමුදා අභ්‍යාස ආරම්භ කිරීමට ද මිත්‍ර රටවල් එකඟ වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














