ඉරානයේ සියලුම වරායන්, තෙල් පර්යන්ත සහ වෙරළබඩ කලාප ආවරණය වන පරිදි අඟහරුවාදා (ජූලි 14) සිට දැඩි මුහුදු අවහිරයක් (Maritime Blockade) බලාත්මක කිරීමට අමෙරිකානු හමුදාව පියවර ගන්නා බව අමෙරිකානු නාවික හමුදාව මෙහෙයවන ඒකාබද්ධ සමුද්‍ර තොරතුරු මධ්‍යස්ථානය (JMIC) නිවේදනය කරයි.
ජූලි 14 වැනිදා GMT වේලාවෙන් රාත්‍රී 20:00 සිට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් බදාදා අලුයම 1:30) ක්‍රියාත්මක වන පරිදි, කුමන රටක ධජය යටතේ ගමන් කළද ඉරානය දෙසට හෝ ඉරානයෙන් පිටතට ධාවනය වන සියලුම නෞකා සඳහා මෙම තහනම බලපැවැත්වෙනු ඇත.
අනුමැතියකින් තොරව මෙම වසා දැමූ කලාපයට ඇතුළු වන හෝ පිටවන ඕනෑම සැකකටයුතු නෞකාවක් වැටලීමට, හරවා යැවීමට සහ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, අණ නොතකන නෞකාවලට එරෙහිව බලය භාවිත කිරීමට නීත්‍යානුකූල පියවර ගන්නා බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, ඉරානය නොවන වෙනත් ගමනාන්ත බලා හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන සාමාන්‍ය වෙළඳ නැව් සඳහා මින් බාධාවක් සිදු නොවන බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















