27 April 2024
#දේශීය

රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දිමක්

රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති භූ දේශපාලනික අර්බුදය නැවත මව් රටට යාමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විසා කාලය දිර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කලේය.

ඒ ගුවන් තහනම මෙන්ම එම කලාපයේ ගුවන්යානා මෙහෙයුම් නොකිරීමයි.

ඒ් අනුව ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය අද (28) දිනයේ සිට තවත් මාසයක කාලයක් දක්වා ගාස්තු ගෙවීමකින් තොරව දීර්ඝ කර තිබේ. පැමිණිමේ විසා ගාස්තු ගෙවීමකින් තොර පදනමින් දිර්ඝ කර ගැනීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණ හෝ මාර්ගගත ලෙස හෝ තම වීසා දිර්ඝ කර ගැනීම සදහා අයදුම් කල යුතු බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී සිටි.

මෙම සංචාරකයන්ට තම මව් රටවල් වෙත නැවත යාමේදී කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකා ගුවන්තොටුපලින් පිටත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *