27 April 2024
#දේශීය

රුපියල් මිලියන 550ක වෛද්‍යාධාරයක් ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට

ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 550 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් (Dewi Tobing) විසින් ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දෙන ලදී.

මෙම ඖෂධ තොගය අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධ ප්‍රමුඛ වේ.

ඖෂධ ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති මේ අවස්ථාවේදී ඉන්දුනීසියාව විසින් ලබාදුන් මෙම ඉක්මන් උපකාරය 70 වසරක ශ්‍රී ලංකා ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කරන බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *