27 April 2024
#දේශීය

ලබන නොවැම්බර් මෙරට ඩිජිටල් විප්ලවයේ පුරෝගාමියා තමා බව ඇමැති සජිත් කියයි

රටේ උදා ගම්මාන 20,000 ක් ඉදිකර එම ගම්මාන පොදු ජනතාවට ලබා දෙන විට මුළු රටම සහ රටේ පවුල් ලක්ෂ 61 ක ජනතාව නව ඩිජිටල් සංවර්ධන විප්ලවයේ ප්‍රතිලාභීන් බවට පත් කිරීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාර, දෙහිඅත්තකණ්ඩියේ “වැවසරගම” සහ” සේනානිගම ” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” මෙරට ජනතාව ඩිජිටල් තාක්ෂණයට පුරුදු වන විට ජන ජීවිතය උසස් වනවා. අද වන විට වයස් භේදයෙන් තොරව සියලු දෙනාම ස්මාර්ට් දුරකතන භාවිතා කරනවා. එම නිසා ඕනෑම වැඩක් ඉතා ඉක්මනින් සිදුකර ගන්නට පුළුවන්. ස්මාර්ට් දුරකතන භාවිතය නිසා නව තාක්ෂණය හරහා දැනුම ලබා ගන්නටත් පුළුවන්. මේ නිසා සියලුදෙනා අතර මනා සම්බන්ධතාවක් ඇති වී තිබෙනවා. ඩිජිටල් තාක්ෂණය ජනතාවට ලබා දීමෙන් එය තවදුරටත් වර්ධනය කරගන්නට පුළුවන්. එමගින් අමාරුවෙන් ජනතාව වෙළදපොළ සොයා යන්නට අවශ්‍ය වන්නේ නැහැ. එක බොත්තමක් ඔබන සැනින් සියල්ල කර ගන්නට පුළුවන් වනවා. ජන සමාජයක් ලෙස අප අද වන විට ඉදිරියට ඇවිත් තිබෙනවා. අප ඉදිරියටත් ලෝකය සමඟ ගනුදෙනු කරන්නට අවශ්‍යයි. ඩිජිටල් තාක්ෂණ විප්ලවය හරහා අපට ජාත්‍යන්තරය ජයගන්නට හැකියාව හිමිවනවා. එළඹෙන නොවැම්බර් මාසයේදී සිදුවන හැරවුම් ලක්ෂ්‍ය තුළ මෙරට ඩිජිටල් තාක්ෂණ විප්ලවය ආරම්භ කිරීමේ පුරෝගාමියා වන්නේ තමන් බව මේ මොහොතේදී මා ඉතා සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *