27 April 2024
#දේශීය

බෝරා සමුළුව මෙරට පැවැත්වීම තුළින් ආදායම ඉහළට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෝරා ව්‍යාපාරික සමුළුව සඳහා ලොව පුරා රටවල් 40 ක් නියෝජනය කරමින් 21000 කට අධික පිරිසක් එක්ව සිටි. මෙම ව්‍යාපාර සමුළුව දින 10 ක් පුරා පැවැත්වෙන අතර මෙරටට ඇමෙරිකා ඩොලර් මිලියන 130 කට අධික ආදායමක් ලැබෙනු ඇති බව වාර්තා වේ.

කොළඹ වෙරළ මාවතේ බෝරා මස්ජිත් ප්‍රධාන පල්ලියේදීයී බෝරා ව්‍යාපාරික සමුළුව පැවැත්වේ. ඒ සඳහා මුහුදු, ගුවන් , මෙන්ම ගොඩබිම ආරක්ෂාව ද ඒ සඳහා සපයා තිබේ. ලොව පුරා බෝරා ව්‍යාපාරිකයින් ලක්ෂ 12 ක පමණ පිරිසක් මේ සඳහා එක්ව සිටින අතර ශ්‍රී ලංකාවේද 3000 කට ආසන්න පිරිසක් මෙය නියෝජනය කරනවා. වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුවේදී මැණික් හා අත්කම් නිර්මාණවලට බෝරා ව්‍යාපාරික ප්‍රජාවේ දැඩි අවධානය යොමුව ඇත.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා පැවසුවේ මෙම සමුළුව පැවැත්වීම තුළින් මෙරට සංචාරක කේෂ්ත්‍ර යේ පවා දියුණුවක් ලැබෙනු ඇති බවයි.
බෝරාවරුන් වැඩිම පිරිසක් ජීවත්වන්නේ ඉන්දියාවේ වන අතර බෝරාවරුන්ගේ නායකයා ආචාර්ය සෙයිඩ් මුෆාචාල් සයිෆුදීන් ද පසුගිය සති අන්තයේ දිවයිනට පැමිණියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *