27 April 2024
#විදෙස්

ලැව්ගිනි අතරේ ජොලියේ සිටි ඔස්ට්‍රේලියා අගමැතිවරයා ට සිදුවූ දේ…

තම රටේ ප්‍රදේශ කිහිපයක් පුරා ලැව්ගිනි පැතිර යන අතරතුර නිවාඩුවක්‌ ගතකිරීමට ඇමරිකාවේ හවායි වෙත යෑම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා අගමැති ස්‌කොට්‌ මොරිසන් හට දැඩි ජනතා විරෝධතාවයක්‌ මතුවී තිබේ. මේ සමිබන්ධයෙන් ලොව පුරා මාධ්‍යවල ද අවධානය යොමුව තිබුණි. මේ ගැන තමා ජනතාවගෙන් සමාව අයදින බව අගමැතිවරයා පසුව විශේෂ ප්‍රකාශයක්‌ සිදුකරමින් සඳහන්කර ඇත.

මේ වනවිට ඕස්‌ටේ්‍රලියාව පුරා ස්‌ථාන සියයක පමණ ලැව් ගිනි පැතිර යමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවද, ලැව්ගිනි නිවීමට ගිය ස්‌වෙච්ඡා ගිනි නිවීමේ භටයන් දෙදෙනකු රිය අනතුරකින් මිය ගොස්‌ තිබේ.

මෙවර ලැව් ගිනිවලින් 8 දෙනෙක්‌ මිය ගොස්‌ නිවාස හත්සියයක්‌ විනාශවී තිබේ. මීට අමතරව හෙක්‌ටයාර දහස්‌ ගණනක්‌ විනාශ වී තිබේ. ලැව් ගිනි හේතුවෙන් එ රට උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළ ගොස්‌ ඇති බවත් පරිසරවේදීහු කියති.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *