27 April 2024
#සංවර්ධන

සියලු රාජ්‍ය ආයතනයන් ට ප්‍රධානීන් පත්කිරීම දෙසැම්බර් 31 ට පෙර…

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුදුසකම් සහිත පුද්ගලයින් පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ සය පුද්ගල කමිටුව විසින්, එක් තනතුරක් සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ නම් යෝජනා කර ජනාධිපති ලේකම්වරයාවෙත යවා ඇත. අදාල කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මේ බව සඳහන් කළේය.

එම ආයතන වෙනුවෙන් වූ තනතුරු සඳහා අයැදුම්පත් භාරගැනීම 18 වන දින වන විට අවසන් කර ඇති බවත්, ලබන 31 වැනි දාට පෙර සියලු රාජ්‍ය ආයතන සඳහා සුදුස්සන්ගේ නම් ඇතුළත් නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා කමිටුවට උපදෙස් ලබා දී ඇත.

රාජ්‍ය ආයතන 80 කට පමණ සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත මෙසේ යොමු කර ඇත.

මෙවන් විනිවිදභාවයකින් යුතු ක්‍රමවත් ක්‍රියාදාමයක් සමාජගත කළ ප්‍රථම අවස්ථාව මෙය බවට බොහෝ විශ්ලේෂකයින් අදහස් පලකර ඇත.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *