27 April 2024
#දේශීය

මම පොහාට්ටුවට සපොට් … පත්වීම් දුන්නේ ඡන්දේ ගන්න නෙමෙයි – ජනපති

තමා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් බිහි කිරීමට සහාය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (05) මාධ්‍ය ආයතන කර්තෘවරුන්, ප්‍රවෘත්ති සංස්කාරකවරු සහ අධ්‍යක්ෂවරු සමඟ පැවැති සාකච්ඡාවකදිය.
එහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඉදිරි මැතිවරණයට පොදු ජන සන්ධානයට සහාය ලබා දෙන්නේ දැයි. එයට පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ තමාව ජනාධිපති ධුරයට පත් කල පිරිස් සඳහා සහාය ලබා දෙන බවයි. එසේම තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් අයෙකු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

 

මැවරණ කොමිසමේ සභාපති විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව අත්හිටුවීම ගැන කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. “රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම මගේ ජනාධිපතිවරණ ප්‍රතිඥාවක් එතැන දේශපාලනයක් නැහැ. සුදුසුකම් ඇති සියලුදෙනා රැකියාලාභීන් ලෙස තෝරාගත්තා. දැනට සැලසුම් කර ඇත්තේ ඔවුන් පුහුණු කිරීම. රැකියාවක් කරන්න පුහුණුවක් අවශ්‍යයි. එබැවින් මේ ගැටලුව නිරාකරණය සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ජා කරනවා”, ජනාධිපතිවරයා පැවසීය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *