27 April 2024
#ව්‍යාපාර

වසවිස නැති සහල් නැගෙනහිරින් වෙළඳපොළට – නැගෙනහිර ආණ්ඩුකාර

රජයේ පාලන මිල යටතේ රු.50කට වි කිලෝවක් ලබා ගැනීමට තිබියදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රදේශයේ ඇතැම් ගොවීන්ගෙන් වී මෝල් හිමියන් රු.23ක් වැනි මුදලකට වී කිලෝවක් ලබා ගෙන ඇති බවට ලැබුණු පැමිණිලි නිසා තමන් විමතියට පත් වූ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

වී මෝල් හිමියන් හමුවේ ගොවීන් මෙසේ අසරණභාවයට පත් ව ඇත්තේ වී තොග රැගෙන රජයේ ගබඩා වෙත යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැති නිසා බවද ආණ්ඩුකාරවරිය කීවාය. වෙරුගල් ප්‍රදේශයේ ගොවීන්ට සිය ගමනාගමන කටයුතු සිදු කර ගැනීම සදහා කට්ටයාරු සහ පුන්නෙයිඅඩි පාලම් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතින ගැටළුවකි. ග්‍රාමීය සංවර්ධන අරමුදල හරහා එම අලුත්වැඩියා කටයුතු සිදු කර දීමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාරවරිය ඊයේ(11) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදී කීවාය.

රු.50ක වී පාලන මිල යටතේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල වී අලෙවි මණ්ඩලය යටතේ වී මෙට්ට්‍රික් ටොන් 7400ක් සහ කුඩා වී මෝල් හිමියන් මගින් වී මෙට්ට්‍රික් ටොන් 3400ක් ලබා ගෙන තිබේ. නැගෙනහිර පළාතේ පසුගිය කන්නයේ වී නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 8කි.

රජය විසින් ලබා ගන්නා එම වී තොග ප්‍රවාහනය කෙටවුම් පැටවීම සහ ඇසුරුම් කිරීම් සදහා යන වියදමද ඇතුළුව ගණන් බැලීමේ දී සහල් කිලෝවක නිෂ්පාදන මිල රු.95ක් පමණ වෙතැයි ගණන් බැලීමේ දී සහල් කිලෝවක විකුණුම් මිල රු.98ක් ලෙස පාලන මිලක් යෙදීම සුදුසු යැයි ද ආණ්ඩුකාරවරිය කිවාය.

නමුත් මාස 2කට පෙර සහල් කිලෝවක් රු.90ක් ලෙස පාලන මිලක් යෙදීමට රජය කටයුතු කළේ කෝවිඩ් 19 වෛරසය නිසා ජන ජීවිතය අඩාල වීමෙන් ජනතාව පීඩාවට පති ව තිබූ නිසාය. ඒ මොහොතේ රජය ගත් එම තීරණය වඩාත් අවස්ථානුකූල ක්‍රියාවකි.

මේ අතර කාබනික වී ගොවිතැන සදහා ගොවීන් යොමු කිරීම යුගයේ අවශ්‍යතාව වන අතර එම වී නිෂ්පාදන ගොවින්ගෙන් මිළදී ගෙන රු .175ක මිලකට වෙළදපොළට නිකුත් කළ හැකි බව දිසාපතිවරුන් පෙන්වා දුන් බවද ආණ්ඩුකාරවරිය කීවාය.

නැගෙනහිර පළාත තුළ වසවිසෙන් තොර වි නිෂ්පාදනයක් සිදු කර රසායනික පොහොර පළාතේ අවශ්‍යතාව බිංදුවට බැස්සවීම සිදු කළ යුතු බවද ආකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

 

මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *