• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කරන්නැයි ජනපති උපදෙස් දෙයි

27 March 2024
in දේශීය, පුවත්
වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කරන්නැයි ජනපති උපදෙස් දෙයි

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ 26 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය. එහිදී ජනාධිපතිවරයා එහිදී මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත. ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ.

කලා භවන සම්බන්ධයෙන් කලාකරුවන් හා වාස්තු විද්‍යාඥයන් අතර ඇති වී තිබෙන විසංවාදී අදහස්වලට සවන් දුන් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ පොදු එකඟතාවකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

කෙසේ හෝ සියලු පාර්ශ්ව සමඟ එකගත්වයක් ඇතිකරගෙන මේ වසර අවසානයට පෙර කලා භවන විවෘත කරලීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුනි. ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බව හෙතෙම අවධාරණය කළේය.

අද කොළඹ නගරයට අවශ්‍යව ඇත්තේ නාට්‍යකරුවන්ට දරාගත හැකි මිලකට ලබා ගත හැකි උසස් ප්‍රමිතිගත නාට්‍ය ශාලා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජෝන් ද සිල්වා රඟහල ඉදිකිරීමෙන් පසු එවැනි මුදලකට නාට්‍යකරුවන්ට ලබා දිය හැකිවේදැයි විමසුවේය.

මේ ඉදිකිරීම් සහ පවත්වාගෙන යෑම් සම්බන්ධයෙන් නාට්‍යකරුවන් සමග සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹීම වඩාත් සුදුසු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළබඳව සොයා බලන ලෙස දැන්වූ ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

නෙළුම් පොකුණ‍, ⁣කලාභවන‍, ජෝන් ද සිල්වා සමරු රඟහල‍‍, කෞතුකාගාරය‍ සහ ඒ ආශ්‍රිත පරිශ්‍රයන් එක් කර ගනිමින් ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණය කරලීම වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයාට දැන්වීය. ශ්‍රී ලංකාවේ කෞතුකාගාර පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යය සඳහා උපදේශකත්වය ලබා ගත හැකි සුදුසු රටක් නම් කරන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාණපතිරණ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් යසින්තා ගුණවර්ධන, මෙම ගොඩනැගිලි සැලසුම් කළ මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී කණ්ඩායම සහ ජාතික කලා භවන ප්‍රතිසංස්කරණ භාරව ක්‍රියා කරන නාවික හමුදා නිලධාරීහු රජය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

Post Views: 7,517
Previous Post

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍ර විනාශ විමක් – පරිසර සංවිධාන

Next Post

පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කෙරේ

පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved