27 April 2024
#දේශීය

වහාම ක්‍රියාත්මක වන පරිදි ශානිගේ වැඩ තහනම් කෙරේ

රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව සේවයෙන් ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නීතිඥ W.J.N සේනාරත්න මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඔහු කියා සිටියේ මෙම වැඩ තහනම් කිරීම පොලිස් කොමිසම හරහා වැඩබලන පොලිස්පති වෙත ලැබී ඇති බවයි.ඒ අනුව ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

කෙසේ වෙතත් සේවය අත්හිටවා ඇති අතර ඉදිරි සති දෙක ඇතුලතදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර පැවැති දුරකතන සංවාදවල විමර්ශන කටයුතු සිදු කරන බව සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *