27 April 2024
#වෙනත්

ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි

ගංවතුරින් විපතට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් නව පාසල් වාරය සදහා අධ්‍යාපනික උපකරණ ලබා දීම අද(07) සිදු කෙරිණි.

පසුගිය දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයට පැවති අධික වර්ෂා සහිත කාළගුණ තත්වයෙන් විපතට පත් වූ රාජාංගනය ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් රාජාංගනය යාය 13/14 මහසෙන් විද්‍යාලයේදී හා රාජාංගනය යාය 05 නවෝද්‍යා විද්‍යාලයේදී පාසල් බෑග්, අභ්‍යාස පොත් ඇතුළු අධ්‍යාපනික උපකරණ බෙදා දීම සිදු කෙරිණි.

තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීම මත ෆොන්ටෙරා සමාගමේ හා බර්⁣ටි දිසානායක පදනමේ දායකත්වයෙන් මෙම අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *