27 April 2024
#දේශීය

ව්‍යවස්ථාව හරියට නැතිනම් රට ඉදිරියට යන්න බැරි බව ඇමැති නිමල් කියයි

රටේ ව්‍යවස්ථාව හරියට සකස් කර ගත්තේ නැත්නම් රටක් වශයෙන් ඉදිරියට යාමට නොහැකි බව අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පස්වරුවේ ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ අඹගස්දෝව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපි පත් කර ගත්ත ස්වාධීන කොමිෂන් සභා පිළිබදව අද ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා.මේ කොමිෂන් සභාවල ඇතැම් ක්‍රියාකාරිත්වයන් බලන කොට මේවා දේශපාලඥයින්ට රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය පරිදි පත් කළ ඒවා ද කියලා හිතෙනවා.විශේෂයෙන් අධිකරණයේ ස්වාධිනත්වය මෙන්ම විශ්වාසයත් අවශ්‍යයි. ස්වාධිනත්වය විතරක්ම ප්‍රමාණවත් නැහැ.විශ්වාසයත් අවශ්‍ය වෙනවා.ජනතාව තුළ විශ්වාසයක් තියෙන්න ඕන කිසිදු බලපෑමක් නොමැතිව අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් දැන් විවිධ හඩ පට වලින් එළියට එන ඒවා ගැන බලන කොට මේ පිළිබදව අවිශ්වාසයක් ඇති වෙනවා.අපි මේ සැකය දුරු කළ යුතුයි.ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අවධාරණය කරන්නේ මේ තත්වය වහාම නිවැරදි කළ යුතුයි.මේවා නිවැරදි කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් අධිකරණයේ හා පොලිසියේ ස්වාධිනත්වය ඇති කිරීමෙන් පමණයි.අපි අධිකරණයේ ස්වාධිනත්වය පොලීසිය පිළිබදව විශ්වාසය ජනතාව තුළ ඇති වෙන පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ යුතුයි. මේ සියල්ල කරන්න නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතුයි.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා.නව පිටුවක් පෙරළලා තියෙනවා.නව මාවතකට ගෙනත් තිබෙනවා.ඒ නිසා මේ රටේ ජනතාවට විශාල විශ්වාසයක් ඇති වෙලා තියෙනවා.ඔබ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන් ඡන්දය තුළින් මේ රටේ බුද්ධ ධම්ම විතරක් නෙවෙයි .ත්‍රිවිධ රත්නයට සුරක්ෂිත වෙලා තියෙනවා.රට ආරක්ෂා වෙලා තියෙනවා.රටට තිබුණු අදුරු යුගය අවසන් වෙලා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *