27 April 2024
#දේශීය

විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි

තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව පෙරමුණක් පිහිටුවා ගෙන ඉදිරි කටයුතු සිදු කරන බව ගන්නා බව  උතුරු පළාත් ප්‍රධාන ඇමැති  සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. තම නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බව විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමේ බලවේගයක් වශයෙන් කටයුතු කිරිමට මේ නව පෙරමු‍ණ පිහිටුවා ගන්නා බවද කියයි.

තමන් මෙම සන්ධානය යටතේ ඉදිරි පළාත් සභා මැතිවරණයට ද තරග කරන බවද  මහ ඇමැතිවරයා පවසන විග්නේෂ්වරන් මහතා  සිය ඉදිරි දේශපාලන ගමන පිළිබඳ අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
මෙම සන්ධානය සමගින් උතුරු පළාත් වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිතරන් විසින් මෑතකදී ආරම්භ කළ ඊල මක්කල් සුයාට්චි කලහම්,දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය,දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද එක්වීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග කියා සිටි.

 
 
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *