27 April 2024
#සංවර්ධන

සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්

පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ජනතාවගේ සුභ සිද්ධිය සදහා සැහැල්ලු දුම්රිය පද්ධතියක් හදුන්වා දීමට රජය සැළසුම් කර තිබේ. මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පවතින අතර මේ යටතේ හදුනා ගත් දුම්රිය මාර්ග හතක් හදුනාගෙන ඇත.

මෙම ව්‍යාපෘතියේ පැකේජ ක්‍රම යටතේ එක් සැහැල්ලු දුම්රිය මාර්ගයක් රාගම , කඩවත , කොටුව , බම්බලපිටිය හරහා කිරුළපන දක්වාත් ක්‍රියාත්මක කෙරෙන අතර එය කිලෝමීටර් 33මාර්ගයකි. ඒ, හරිත මාර්ගය ලෙස කැළණිය , දෙමටගොඩ , නුගේගොඩ , බොරැල්ල සිට මොරටුව දක්වාත් එය කිලෝමීටර් 28 මාර්ගයක් වේ.

නිල් පැහැති මාර්ගය ලෙස හුණු පිටිය, ටයර් හන්දි සිට කොටිකාවත්ත හරහා කොට්ටාව දක්වාත් යන මාර්ග තුන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දුම්රිය මාර්ගයේ මධ්‍ය ඔස්සේ සංවර්දන කෙරෙන මේ නව මාර්ග එම මාර්ගයේ කණු උඩින් සකස් කිරිමටත් කණු යෙදීමට නොහැකි ස්ථාන වලදී ඉඩම් මතින් යාමටත් නියමිත අතර එම ඉඩම් ලබා ගැනීම මෙන්ම ඉඩම් සඳහා වන්දි ගෙවීමට රජයේ මුදල් වැය කිරිමට නියමිතය.

අදාළ දුම්රිය මාර්ග හතෙන් එක් මාර්ගයක් ජපන් රටේ ආධාර ඇතිව ජයිකා මුල්‍ය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන බව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න සදහන් කළේය.

මේ වන විට මේ ව්‍යාපෘතියේ ශක්‍යතා කටයුතු සිදු කර අවසන් බවත් ඒ සඳහා යන වියදම් රය දරණ බවත් පවසන අතිරේක ලේකම්වරයා අනෙකුත් මාර්ග හත පැකේජ තුනක් ලෙස සංවර්ධනය කර පෞද්ගලික හා රාජ්‍ය හවුල් කාරීත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොතත්තු වෙන බවත්මාධව වෛද්‍යරත්න මහතා කියා සිටී.

මේ සදහා ආ‍යෝජන කැදවීමේදී විදේශි සමාගම් 17ක් මේ සදහා කැමැත්ත පළකර ඇති බව පවසන මාධව වෛද්‍යරත්න මහතා මේ සමාගම් අතරින් වඩාත් සුදුසු සමාගම් 6ක් තොරාගෙන මෙම සමාගම් හය වෙතින් අයොජන සැලසුම් කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් කියා සිටියේය.

එම සමාගම් සදහා ආයොජන කැදවීමේ සටහන ඹවුන්ට ලබා දී ඇති අතර ඔවුන්ගේ සැලසුම් අමාතෘංශය වෙත ලබා දීම සදහා 2019 පෙබරවාරි දක්වා කාලය ඔවුන්ගේ අධ්‍යන විෂය කටයුතු සඳහා ඔවුන්ට ලබා දී ඇති බවත් කී මාධව වෛද්‍යරත්න මහතා ඉන් පසුව එම අදාල සමාගම තොරාගෙන 2019 අග බාගය වන විට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත් කියා සිටියේය.

මෙම ව්‍යා පෘතිය මගින් මගි ජනතාවට අත්විදීමට සිදුවන මාර්ග තදබදයට විසදුමක් සිදුවෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *