27 April 2024
#දේශීය

විදුලි කප්පාදුවක් නැහැ….. – විෂයභාර ඇමැති කියයි

පවතින දැඩි උෂ්ණත්වය හමුවේ විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කර ජනතාවට අපහසුතාවක් ඇති නොවන අයුරින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අපට සහාය වන ලෙසත් ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රයේ මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අප අවශ්‍ය සැලසුම් සකස් කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නොරොච්චෝල බලාගාරයේ වර්තමාන තත්ත්වය පිළිබඳ නිරීක්ෂණයට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “නොරොච්චෝල බලාගාරයේ ඇතිවී තිබූ දෝෂය යතා තත්ත්වයට පත්කරලා තිබියදීත්, විදුලි මාෆියාවක් ඇති බවට ප්‍රචාරය කරමින්, විදුලි කප්පාදුවක් ඇතිබවට ජනතාව මුලා කරමින් විදුලිබල ක්ෂේත්‍රය කඩාකප්පල් කරන්න වැඩ කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. රටක් සංවර්ධනය කරද්දි, යම් යම් අඩුපාඩු, දෝෂ ඇතිවෙනවා. නමුත් පැය 36 ක් වැනි කෙටි කාලයක් තුලදී නොරොච්චෝල බලාගාරයේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට පත් කරන්න සමත්වීම පිළිබදව අප සතුටු විය යුතුයි. පද්ධතියේ යම් දෝෂසහගත තත්ත්වයන් ඇතිවූ විට විදුලිය බිදවැටිම් ඇති විය හැකියි. අප ඒ තත්ත්වයන් අවම කරන්න තමයි කටයුතු කරන්නේ. නමුත් අපි විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ. ඒ පිළිබදව ජනතාව තුල යම් පිරිස් විසින් ඇතිකර ඇති අනිසි බිය නැති කළ යුතුයි. අපි මෙතෙක් හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුකළානම්, ඒ සිදුකළේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම සදහා පමණයි. මේ අවස්ථාවේදී විදුලි ඉල්ලුම වැඩිවෙලා තිබෙන නිසා සැපයුමේත් වර්ධනයක් සිදුකල යුතුයි. ඒ වෙනුවෙන් අපි විදුලිය ජනන සැලැස්ම නිසි පරිදි සකස් කරගෙන යනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *