27 April 2024
#සංවර්ධන

පලාලි සිවිල් ගුවන් මෙහෙයුම් 16 වැනිදා …. දේශීය මූල සමාගම්වලට මුල්තැන

පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බවත් ඔක්තෝම්බර් මාසයේ 10වැනිදා වන විට පලාලි ගුවන්ත්තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්කෂා කරන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පලාලි ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ගුවන් තොටුපොළ හතරක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍ර‍වර්ධනය කෙරෙන බවයි. ඒ කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව වේ. එම ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පලාලි ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පලාලි ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු පිළිබද ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමක්ද පැවැත්විණ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *