27 April 2024
#සංවර්ධන

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

මෙම නවීන තාක්ෂණික වැඩසටහන ඊයේ (20) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

මේ වන විට 641,000 පමන පිරිසක් විශ්‍රාම වැටුපට හිමිකම් කියන අතර රජය මාසිකව රුපියල් බිලියන 250 ක පමන මුදලක් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වෙන්කරනු ඇත.

ඇතැම් තැන්වල මියගිය විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වංචනික ලෙසින් ලබා ගැනීම් වාර්තා වෙන අතර එවැනි කරුණු හේතුවෙන් වසරකට මිලියන ගණනක මුදලක් රජයට අහිමි වන බව වාර්තා වේ.

2016 ජනවාරි 1 වැනිදායින් පසු විශ්‍රාම ගත් සියල්ලන් මෙම නව ක්‍රමවේදය යටතේ පළමුව ලියාපදිංචි කිරිමට අපේක්ෂා කරන අතර අනෙක් සියල්ලන් කෙටි කලක් තුල ලියාපදිංචි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

පළමු අදියරේදී 80000 ක පමණ පිරිසක් ලියාපදිංචි කර ගැනීමට නියමිතය. මෙම කටයුත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට රජ්‍ය කළමණාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ,විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *