27 April 2024
#සංවර්ධන

කොස් ආශ්‍රිත ව්‍යාපෘතියට ඇමති විමල්ගේ අතහිත

කොස් ආශ්‍රිත වන ව්‍යාප්තිය වැඩි කිරීම, කොස් ආශ්‍රිත පර්යේෂණාගාරයක්, උද්‍යානයක් හා ව්‍යවසායකත්ව කේන්ද්‍රයක් පිහිටුවීම අරමුණු කොටගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනකරණ අධ්‍යනයනාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත ව්‍යාපෘති වාර්තාව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

එම ව්‍යාපෘතිය පිළිගැන්විමෙන් අනතුරුව එම අධ්‍යයනාංශයේ අවසන් වසර සිසුහු වන දුලාංජන විතානගේ හා උදම් හෙට්ටිගේ මේ පිළිබද අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඒ සදහා සහයෝගය ද ඉල්ලා සිටියහ.

සිය උපරිම සහයෝගය ඔවුන්ට ලබාදෙන බවත් ඉදිරියේදී කොස් වගාව ආශ්‍රිතව කොස් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවීම කෙරෙහි තම අවධානය යොමුව ඇති බවත් වීරවංශ ඇමතිවරයා මෙහිදී පැවසිය.

කුඩා පරිමාණ ව්‍යවසායකයෙකු, නව නිපයුම්කරුවෙකු ලෙස ජාතික මට්ටමේ සම්මාන දිනා ගෙන ඇති දුලාංජන විතානගේ මෙහිදී කොස් ආශ්‍රිත තම නව නිෂ්පාදනය ඇමතිවරයාට පිළිගැන්වීම ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *