27 April 2024
#දේශීය

විශ්වවිද්‍යාල අයදුම්පත් සහතික කරගන්න ලබා දී තිබු කාල සීමාව දීර්ඝ කරයි

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා ලබා දී තිබු කාල සීමාව දීර්ඝ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පසුගිය සතියේ ලබා දී තිබූ අවස්ථාව නැවතත් එළඹෙන මැයි 27 බදාදා,  28 බ්‍රහස්පතින්දා, මැයි 29  සිකුරාදා යන තෙදින තුළ ද ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇති බවයි.

මතුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්ව, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *