කටුනායක, පොල්වත්ත ප්‍රදේශයේ අවන්හලක් තුළ නීති විරෝධී ලෙස රජයේ අරක්කු සහ බියර් අලෙවි කළ පුද්ගලයෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වෙසක් පෝදා (30) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි. මෙම වැටලීමේදී රජයේ අරක්කු බෝතල් 43ක් සහ බියර් කෑන් 32ක් නිලධාරීන් භාරයට ගෙන ඇත. සැකකරු බලපත්‍ර නොමැතිව මත්පැන් සඟවා තබාගෙන රහසිගතව වැඩි මිලට අලෙවි කරමින් සිටින බවට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. සැකකරු සහ මත්පැන් තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
















