ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය හරහා හමා ගිය ප්‍රබල දූවිලි කුණාටුවක් හේතුවෙන් දිවා කාලයේදී බොහෝ නගරවල අඳුරු ස්වභාවයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කිෂන්ගාර් ගුවන්තොටුපළ හරහා පැයට කිලෝමීටර් 102ක වේගයකින් සුළං හමා ගොස් ඇත. පස්වරු 2:00 සිට 5:00 දක්වා කාලය තුළ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80ක් පමණ ඉක්මවූ සැඩ සුළං හටගෙන තිබේ.
















