27 April 2024
#දේශීය

වේගය පාලනය කර ගත නොහැකි යතුරුපැදිකරු මරුට

අරලගංවිල ප්‍රදේශයේදී ඊයේ (11) දහවල් සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 26 ක තරුණයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මිය ගිය යතුරුපැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි පසුපැදිකරු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යතුරුකරු පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලගංවිල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *