27 April 2024
#දේශීය

වෛද්‍ය නිර්දේශ මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විවෘතයි

කොවිඩ් භීතිය පැතිරීම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස වසා දැමුණු  මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය එළැඹෙන සඳුදා (27) සිට  යළි විවෘත බව වාර්තා වෙයි.

ආණ්ඩුකාර කාර්යාලය සේවකයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි සෙබ‍ළෙකුගේ ඥාතියෙක් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව, සහ ඔහු විසින් එම සෙබලා ගිය මෝටර් රථය ක්‍රියා විරහිත වූ අවස්ථාවක එය පරීක්ෂා කර බැලීම යන කරුණු හේතුවෙන් පසුගියදා , ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීය‍.

සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රමයක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව, වෛද්‍ය වාර්තා පැමිණෙන තෙක් තාවකාලිකව කාර්යාල කටයුතු නවතා දැමීම සිදු විය. 

කෙසේවෙතත් අදාල නාවික හමුදා සෙබලා හට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බව තහවුරු කර ඇත.

මේ හේතුවෙන් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම ඉදිරි කාලයේදී රජයේ ඇඳිරි නීති පැනවීම් මත පදනම් ව සිදු වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *