27 April 2024
#දේශීය

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් කරන විමර්ශනවලට කිසිදු බලපෑමක් නෑ

වන්ද්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  එසේම සේවයෙන් අස් වූ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට යළි කුරුණෑගල රෝහලේ සේවයට එක්වීම සඳහා ඉඩ සලසන කැබිනට් පත්‍රිකාව අනුමැතියට යොමු කළේ තමන් බව අමාත්‍ය ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *