27 April 2024
#දේශීය

ශ්‍රී මුඛය කිව්වාට සොරි…. ෆොන්සේකාට ආරක්ෂක ඇමැතිකම – සජිත් කියයි

තමා පත්වන රජයට යටතේදී රටේ ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (10) ගාලු මුවදොර පැවැත්වෙන ජන රැළිය අමතමින්.

එසේම තමා සිදුකළ කතාවක දී අත් වරදකින් “ශ්‍රී මුඛය” ලෙස ප්‍රකාශ වී සිදුවු අඩුපාඩුවට සංඝරත්නයෙන් හා මහජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රේමදාස මහතා පැවසිය. තමා අතින් සිදුවු වැරදි වලට ජනතාවගෙන් සමාව ගැනීමට කිසිවිටකත් පසුබට නොවන බවත් එය විශාල පිරිසක් සිටින අවස්ථාවකදී පැවසිමට සිටි බව ඔහු කියා සිටියේය.

ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දිය යුත්තේ යුද්ධය ජයග්‍රහණය කර ඔප්පු කළ අයට බවත් ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම පිරිනමන බවත් ඒ මහතා පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *