පාරිභෝගිකයන්ට විශිෂ්ට ජාල අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් SLT-MOBITEL ආයතනය, අන්තර්ජාල වේගය සහ ක්‍රියාකාරීත්වය මැන බැලීමේ ලොව ප්‍රමුඛයා වන ‘ඔක්ලා’ (Ookla) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස අභිෂේක ගන්වා තිබේ. 2025 වසරේ තෙවන සහ සිව්වන කාර්තුවල දත්ත විශ්ලේෂණය කරමින් පිරිනැමුණු මෙම සම්මානය, පසුගියදා පැවති ‘ලෝක ජංගම දුරකථන කොංග්‍රසයේදී’ (MWC 2025) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
වේගවත්ම බාගත කිරීම් (Download) සහ උඩුගත කිරීම් (Upload) වේගය, බාධාවකින් තොර වීඩියෝ නැරඹීමේ හැකියාව සහ වෙබ් අඩවි පිරික්සීමේදී දක්වන ස්ථාවරත්වය යන කරුණු මත මෙම ඇගයීම සිදු කර ඇත. මීට පෙරද 2019 සිට 2021 දක්වා අඛණ්ඩව වේගවත්ම ජාලය ලෙසත්, 2024 වසරේ වේගවත්ම 4G ජාලය ලෙසත් ඔක්ලා සම්මානය දිනා ගැනීමට SLT-MOBITEL සමත් විය. 5G තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවර සහ ග්‍රාමීය ප්‍රදේශ දක්වා පුළුල් කෙරෙන ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයතනය සිදුකරන ආයෝජන මෙම ජයග්‍රහණය හරහා තවදුරටත් තහවුරු වී තිබේ.














