27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පුපුරයි – උප සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන්  ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන් නිවේදනයක් නිකුත්කර ඇති අතර වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එහි සඳහන් කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් අංශ දෙක මෙහෙයවීම ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරුන් දෙදෙනාගේ කාර්යයක් වූවද වර්තමානය වන විට කිසිදු වගකීමක් ලබා නොදීම නිසා පරිපාලනය විසින් තමන් හුදෙකලා කර ඇතැයිද නිවේදනයේ සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *