3 May 2024
#දේශීය #පුවත්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට විභාග වෙමින් පවතින පෙත්සමේ තින්දුව ලැබුණු පසුව ඉදිරි කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු මස 25 වෙනි දින තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබී ය.

ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබී ය.

මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවති. ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි කටයුතු සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *