27 April 2024
#දේශීය

ආණ්ඩු පෙරළිය පසුපස සිටින සහෝදරයෝ …..!

අගමැති ධුරය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ හට හිමි වු පසුපස සිටින්නේ ප්‍රබලයින් දෙදෙනෙකුගේ සහෝදරයෝ බව අනාවරණ වී ඇත. මහින්ද රාජපක්ෂයේ මැතිවරණ කටයුතු කල බැසිල් රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන බව අනාවරණ වී ඇත.

මේ වන විට මොවුන් දෙදෙනා මහින්ද ඇතුළු මෛත්‍රිව ආරක්ෂා කර ගැනීමේ මහමොලකරුවන් වශයෙන් කටයුතු කරමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ හෝ මේ සිදු කළ වෙනස ස්ථීර වශයෙන් පවත්වා ගැනීමටත් ඉදිරියේදී තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව තනි ආණ්ඩුවක් කිරීමට කටයුතු කරනු ඇති බව එම ආරංචි වැඩිදුරටත් කියා සිටියේය. එසේම ඩඩ්ලි සහ බැසිල් කරට කර වෙහෙසක් දරන බවයි වාර්තා වන්නේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *