27 April 2024
#දේශීය

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ලකුණු කිරීම හෙටින් ඇරඹෙයි

2019 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ලකුණු කිරීම හෙට (31) දින සහ අනිද්දා (01) දින යෙදි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය සේවයේ අයදුම්කරුවන් 6,59,317 ක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්‍ෂාව සැපයීමට හා අධීක්‍ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදුව ඇති හෙයින්, සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිතය.

අදාළ දිනයන්වලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වුවහොත් එම තැපැල් ඡන්ද හිමිකරුවන් ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

තැපැල් ඡන්දය භාවිතා කෙරෙන අදාළ සේවා ස්ථානවල සියලු පහසුකම් සළසන්නැයි තේරිම්භාර නිලධාරින් මඟින් දිවයිනේ ම සියලු සහතික කිරීමේ නිලධාරීන් වෙත දන්වා යවා ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්දය භාවිතා කිරීමට වලංගු හැඳුනුම්පතක් අත්‍යාවශ්‍ය වෙයි. ඒ අනුව,ජාතික හැඳුනුම්පත,වලංගු රියදුරු හැඳුනුම්පත,වලංගු ගමන් බලපත්‍රය,විශ්‍රාම වැටුප් හැදුනුම්පත,වැඩිහිටි හැදුනුම්පත,භික්ෂු භික්ෂුණී හැදුනුම්පත,ග්‍රාමනිලධරී තාවකාලිකව නිකුත් කළ හැදුනුම්පත,වතු අධිකාරි විසින් නිකුත් කරන සහතික පත්‍රය ඉදිරිපත් කළ යුතු වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *