27 April 2024
#දේශීය

සජිත් නටන්නේ රනිල්ට ඕන පදේටයි ..! මුසම්මිල් කියයි

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සන්ධානයක් පිළිබඳ පැවසුව ද එය ඇත්තටම තවත් නාටකයක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එම පක්ෂයේ අද (25) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී මුසම්මිල් මහතා කියා සිටියේ රනිල්ට ඕන පදයට සජිත් නටවා මිසක් සජිත්ට ඕන විදියට නටන්නට සජිත්ට බැරි බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත්ගේ සන්ධානයට එක් වීමට තීරණය ගන්නේ නම් ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ “ඔඩොක්කුවට“ යන බවද හෙතෙම පැවසිය.

එසේම නැවත වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට විනාශයට ඇද දැමීමට පියවර නොගනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි  

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *