බිට්කොයින් ජාලය අනාගතයේදී “පශ්චාත්-කොන්ටම්” (Post-Quantum) පද්ධතියකට මාරු වුවහොත්, එහි නිර්මාතෘ සතෝෂි නකමොටෝට සැබවින්ම කොපමණ බිට්කොයින් ප්‍රමාණයකට ප්‍රවේශ විය හැකිද යන්න ලොවට හෙළි වනු ඇති බව Blockstream ප්‍රධානී ඇඩම් බැක් ප්‍රකාශ කරයි. පැරිස් බ්ලොක්චේන් සතියේදී (Paris Blockchain Week 2026) අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ කොන්ටම් පරිගණක තර්ජනයට ඔරොත්තු දෙන නව ක්‍රිප්ටෝග්‍රැෆි ක්‍රමවේදයකට බිට්කොයින් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයයි.
කොන්ටම් පරිගණකවලින් පහර දිය හැකි පැරණි ලිපින (Address formats) වල පවතින බිට්කොයින්, නව ආරක්ෂිත ලිපින වෙත මාරු කිරීමට පරිශීලකයන්ට කාලය ලබා දෙනු ඇත. සතෝෂි නකමොටෝ සතු යැයි සැලකෙන බිට්කොයින් මිලියන 1.1 කට ආසන්න ප්‍රමාණය (වත්මන් වටිනාකම ඩොලර් බිලියන 80 කට වඩා වැඩි) මෙලෙස නව ලිපින වෙත මාරු නොවන්නේ නම්, එම බිට්කොයින් සදහටම නැති වූ (Lost) ඒවා ලෙස සැලකීමට හැකි වනු ඇත.
කොන්ටම් පරිගණක තවමත් පවතින්නේ පර්යේෂණාත්මක මට්ටමේ බවත්, බිට්කොයින් ජාලයට තර්ජනයක් විය හැකි මට්ටමට ඒවා දියුණු වීමට තවත් වසර 20ක් පමණ ගත විය හැකි බවත් බැක් පවසයි. වත්මන් කොන්ටම් පරිගණකවල කාර්යසාධනය ඩොලර් 5ක ගණක යන්ත්‍රයකට (Calculator) වඩා අඩු බව ඔහුගේ මතයයි.
මෙම විවාදය අතරතුර ජේම්සන් ලොප් (Jameson Lopp) ඇතුළු පිරිසක් විසින් BIP-361 නමැති මතභේදාත්මක යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එමඟින් කොන්ටම් ප්‍රහාරවලට ගොදුරු විය හැකි පැරණි බිට්කොයින් ලිපිනවල පවතින කාසි ගනුදෙනු කිරීම සීමා කිරීමට හෝ අත්හිටුවීමට (Freeze) යෝජනා කර තිබේ. කෙසේ වෙතත්, මෙය “දේපළ අයිතිය උල්ලංඝනය කිරීමක්” සහ “සොරකම් කිරීමක්” ලෙස හඳුන්වමින් බිට්කොයින් ප්‍රජාවේ බොහෝ පිරිසක් ඊට විරෝධය පළ කරති.
Blockstream සමාගම මේ වන විටත් බිට්කොයින්හි Taproot ප්‍රොටොකෝලය භාවිත කරමින් නව “Hash-based” අත්සන් ක්‍රමවේදයන් (Signatures) පිළිබඳ පර්යේෂණ පවත්වමින් සිටියි. මෙය පවතින ජාලයට හානියක් නොවන පරිදි ස්වේච්ඡාවෙන් සිදු කළ හැකි යාවත්කාලීනයක් (Optional upgrade) ලෙස හඳුන්වා දීම බැක්ගේ අරමුණයි.














