27 April 2024
#දේශීය

සන්ධාන ගත වෙයිද? සාකච්ඡා කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන තෙවන නිල සාකච්ඡා මේ වන විට විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේ මේ වන විට පැවැත්විය.

මේ සඳහා දෙපාර්ශවය නියෝජනය කරන පිරිස් සහභාගී වී ඇති බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සාකච්ඡාවේ මුළික අරමුණ වන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධීපතිවරණය සඳහා තෝරා පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් පවසා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙසයි. නමුත් මේ සම්බන්ධයෙන් තවත් ඇතැම් පිරිසක් පවසා සිටියේ රාජපක්ෂවරයෙකු නැවත ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරන ලෙසයි.

නමුත් සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති අතර එය ලබන මැයි 09 වනදා දින යළි රැස්වීමට තීරණය කර ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ඉදිරියේදී දේශපාලන තීන්දු තීරණ රැසක් සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *