27 April 2024
#සංවර්ධන

රට ට වින කටින NGO නියාමනය ට ජනපති සැරසෙයි…

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන නියාමය ට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් කරන බව නිවේදනය කර තිබේ. විශේෂයෙන්, රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අනුව මෙම වැඩසටහන ද ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මීට අමතරව, ජාතික ආරක්ෂක විද්‍යාතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *