27 April 2024
#දේශීය #පුවත්

දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ‌ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඒ, මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මුලාශ්‍ර – ලංකාදීප

Leave a comment

Your email address will not be published. Required fields are marked *