ඕමානයේ සිට මෙරටට රැගෙන ආ “සමිට්පුර චතූ” නමැති පාතාල ප්‍රබලයා මිනිස් ඝාතන සහ විවිධ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
පසුගිය කාලයේ කොළඹ සහ කඳාන ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන සඳහා මෙම ආයුධ යොදාගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියෙන් පසු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් මඟින් ඕමානයට පලායෑමට පෙර මෙම ආයුධ ඉතා ආරක්ෂිතව මට්ටක්කුලියේ නිවසක සැඟවූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට සැකකරු රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර, ඔහුට අයත් තවත් ආයුධ කිහිපයක් සොයා ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.
















