27 April 2024
#දේශීය

සලකුණු කළ ජන්ද පත්‍රිකා වීඩියෝ කරලා අමාරුවේ

 සලකුණු කරන ලද තම ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් විසින් අල්ලා පිළියන්දල පොලීසියට භාරදී ඇති බව වාර්තා වෙයි.

අද (05) මේ සිදුවීම සිදුව ඇත්තේ පිළියන්දල, ගෝනමඩිත්ත ශ්‍රී ශ්‍රද්ධානන්ද විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේය.

එසේම ඊට සමාන තවත් සිදුවීමක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන අතර අද උඋදෑසන එය  සිදුව ඇත්තේ   ඡන්දය සලකුණු කළ පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙක්  අත්අඩංගුවට ගැනීමය.

වාර්තා වන ආකාරයට ඔහු නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශාලා අංක 51 දී ජන්දය සලකුණු කර ඇති ඔහු , එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර ඇත.

මැතිවරණ කොමිසම මීට පෙර  දැනුම්දී තිබුණේ  ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර හෝ වීඩියෝගත කර සමාජ ජාලා වෙත මුදාහැරීමෙන් වළකින ලෙසය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *