27 April 2024
#දේශීය

ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් – කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ

තම ස්ථාන මාරුව දේශපාලන පලිගැනීමක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර  සිටියේ තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමිනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයක් මත කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ ලිපියේ දැක්වෙන්නේ කොවිඩ් වසංගතය මැඩීමේ කටයුතු නිසියාකාරව නොකිරීම යනුවෙන් ය.

කෙසේවෙතත් සරත් වීරබණ්ඩාර මහතා පවසන්නේ අදාළ ස්ථාන මාරුවීම දේශපාලන උවමානවක් මත සිදුකළ කටයුත්තක් බවයි.

මැතිවරණයක් කැදවා ඇති අවස්ථාවක රාජ්‍ය සේවකයෙකු මෙලෙස ස්ථාන මාරුකිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ද ඔහු සදහන් කළේය

නමුත් කුරුණෑගල ල් රෝහල සුරැකීමේ සංවිධානය සදහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයාට ලබාදුන් ස්ථාන මාරුව ක්‍රියාත්මක නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *