27 April 2024
#ව්‍යාපාර

කොටස් වෙළෙඳපොළත් 11 වනදා විවෘතයි

කොටස් වෙළඳ පෙළා එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කරයි.

කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳ පොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව 11 වනදා  පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි. 

සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5කි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු පසුගිය අප්‍රේල් 01 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණි. 

මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *