සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) දිවයින පුරා සිදුකළ විශේෂ පොලිස් සෝදිසි මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 104 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ වරදට පුද්ගලයන් 27 දෙනෙකු සහ අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,451 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊයේ දිනය තුළ පුද්ගලයන් 22,195 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 296 දෙනෙකු විවිධ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර අපරාධවලට සෘජුව සම්බන්ධ සැකකරුවන් 07ක්, දින වරෙන්තුකරුවන් 43ක් සහ විවෘත වරෙන්තුකරුවන් 26ක් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. උත්සව සමයේ සිදුවන රිය අනතුරු සහ අපරාධ අවම කිරීම සඳහා මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි.














