27 April 2024
#දේශීය

සුදුවැල්ල පොකුරේ පළමු කොවිඩ් ආසාදිතයා සුවවී ගෙදර යයි

ජාඇල සුදු වැල්ල  ප්‍රදේශයෙන් හමු වූ පළමු කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගියා අද (08) සුවවී නිවස බලා ගිය බව වාර්තා වෙයි.

එහෙත් ඔහු ජා ඇල  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ  තවත් දින 21ක්  ස්වයං නිරෝධායනය ට යොමු කර ඇති බවත් වාර්තා වෙයි.

මෙම පුද්ගලයා 28 හැවිරිදි වන අතර  දැඩි මත්ලෝලියකු බව පැවසේ. පසුගියදා මොහු සොරකමේ ගොස් සිටිය දී ජනතාව අල්ලා පමුණුගම පොලිසියට භාරදී ඇති අතර පසුව ඔහුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී සිදුකළ පරීක්ෂණයේ දී කොවිඩ් 19  ආසාදිතයකු බව  අනාවරණය කර ගෙන ඇති අතර පසුව සුදුවැල්ල  ප්‍රදේශයෙන් ආසාදිතයින් ගණනාවක් සොයාගෙන තිබිණ.

සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ සුදු වැල්ල,  කොළඹ නාගලම් වීදිය , ගුණසිංහපුර මෙන්ම රටේ මහත් ආන්දෝලනාත්මක ආකාරයට  කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සිදුවීමට මුල් වූ ආසාදිතයා මොහු බවට විශ්වාස කරන බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *