27 April 2024
#දේශීය

කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ වල දිගටම PCR පරීක්ෂණ

කොළඹ අතිශය ජනාකීර්ණ ප්‍රදේශවල PCR පරීක්ෂණ දිගටම සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මරදාන වතු නිවාස පිහිටි ප්‍රදේශවලින් අහඹු නියදියක් ලෙස තෝරාගත් පුද්ගලයින් අද (08)  PCR පරීක්ෂණයන්ට භාජනය කර ඇති අතර මෙතෙක් එම පරීක්ෂණ වලින් රෝගීන් වාර්තා වූ බවක් දැනගන්නට නැත.

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධම්මික අධිකාරිවත්තගේ ද මේ බව මාධ්‍ය වෙත තහවුරු කර ඇති අතර කෙසේ වුවත්  අද දිනයේ දීත් කොළඹ මහනගර සභාවේ ආරක්ෂක රාජකාරිවල නිරතවන අය, මරදාන 2 බී සෞඛ්‍ය කාර්යාලයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැනි අවධානම් පිරිස් පරික්ෂාවට ලක්කල බවත් ඔහු සඳහන් කර ඇත.

ආසාදිතයින් වාර්තා නොවුනත් මෙම පරීක්ෂණ දීර්ඝ ලෙස සිදු කරනු ලබන්නේ මෙම වෛරසය ශරීර ගත වුවන් සිටි ද යන්න සොයා බැලීමට බවද ඔහු පවසා ඇත.

මේ අතර, ඊයේ(07) දිනය තුළ පමණක් PCR පරීක්ෂණ 1553 ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙයින් 400 ක් පමණ කේෂ්ත්‍රයේ සිදු කළ පරීක්ෂණ බවත් අනෙක් 300 ක් පමණ නිරෝධායන මධ්‍යස්ථානවල සිදු කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

රට ක්‍රමයෙන් විවෘත කිරීමත් සමඟ රට නැවතත් යම් අවධානමකට පත් වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *