27 April 2024
#දේශීය

සුවවන හමුදා සෙබළුන් ප්‍රමාණයත් ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එසේම නාවික  හමුදාව සඳහන් කළේ ඊයේ (12) දිනයේ  කොවිඩ් ආසාදිත සාමාජිකයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. 

ඔවුන්ගෙන් හත් දෙනෙකු හෝමාගම රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලෙන් සහ එක් අයෙකු අයි.ඩි.එච්.රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව සඳහන්. 

පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ද තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සදහා යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.  

Leave a comment

Your email address will not be published. Required fields are marked *