• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දැම්මේ ඡන්දේ නිසයි – කිරිඇල්ලගෙන් චෝදනාවක්

13 May 2020
in දේශීය

විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්කළේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා ලබාගෙන මැතිවරණයකට සුදුසු වාතාවරණයක් සැකසීමේ අරමුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා අද (13) විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ රජය විසින් අමාත්‍යාංශ ලේකම්වරු ගණනාවක් පත්කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයෙකු පත්කිරිම පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබෙන බවයි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කිරිඇල්ල මහතා මෙසේ අදහස් පල කළේය ” මෙලෙස හමුදා නිලදාරියෙක් පත්කළේ රජයට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට බව ඉතාම පැහැදිලි බවයි. එයට හේතුවනම් මැතිවරණ කොමසාරිස්තුමා හා පක්ෂ නිලධාරින් කිහිපවතාවක් හමු වුණා. ඒ සෑම අවස්ථාවකම අවසන් තීරණය වුයේ සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදුකළ යුතු බව. සෞඛ්‍ය බලධාරින්ගේ මතය වූයේ කොවිඞ් වසංගතය යම්කිසි මට්ටමකට පාලනය කර තිබුනත් එහි අවධානයම තවම පහව ගොස් නැති බවයි. තවම මැතිවරණයකට සුදුසු වාතාවරණයක් නැහැ මන්ද සමාජ දුරස්ථභාවය නැතිවුවහොත් මෙය පැතිරීම ඉක්මන් වෙනවා. ඉදිරි කාලයේදි මැතිවරණ කොමසාරිස්වරයා හා නිලදාරින් හමුවු විට ආණ්ඩුවට අවශ්‍ය පරිදි සෞඛ්‍ය වාර්තා මේ ලේකම්වරයා හරහා ලබාදීමට හැකිවෙනවා. ඔහු වාර්තාවක් ලබාදේවි කොවිඞ් වසංගතය පහව ගොස් ඇති බැවින් දැන් මැතිවරණකට සුදුසු කාලයක් පවතින බවට. නාම යෝජනා භාරදී ඇති අවස්ථාවක මෙලෙස ලේකම්වරු පත්කිරීම මැතිවරණ නීති හා සාර්ධර්ම වලටත් පටහැනියි. ඒ වගේම ආණ්ඩුවේ රු.5000 ලබාදීමේ වැඩපිළිවෙලටත් රජයේ ප‍්‍රධාන පක්ෂයක උසස් නිලධාරියෙක් පත්කර තිබෙනවා. මෙම කරුණු පිළිබද`ව මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී අවශ්‍ය පියවර ගතයුතු යැයි මා විස්වාස කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවලා තිබෙනවා ඉක්මනය මේ බාධක ඉවත් කළහොත් වංසගතයේ දෙවැනි රැුල්ලක් ඇතිවිය හැකි බවට. මේ වනවිට පුවත්පත් වල පවා තිබෙනවා අපි දුටුවා චීනයේ වූහාන් නගරයේ නැවත මේ වසංගතයේ දෙවැනි රැුල්ලක් ඇතිවෙලා තිබෙනවා කියා. ඉතින් අපිත් අනවශ්‍ය පරිදි ඉක්මන් වුණොත් අපේ රටෙත් මෙවැනිම තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

 

 

දිලිනි සමන්මලි

Post Views: 8
Previous Post

කොළඹ නගර සභාවේ රැකියාවට එන අයට ශාකසාර වාෂ්ප කුටියක්

Next Post

සුවවන හමුදා සෙබළුන් ප්‍රමාණයත් ඉහළට

editor

editor

Next Post

සුවවන හමුදා සෙබළුන් ප්‍රමාණයත් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved