තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ඒ මහතා මීට සුළු වේලාවකට පෙර අභියාචනාධිකරණය හමුවට පැමිණ තිබේ.
අදාළ නඩු කටයුතු සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අධිකරණය වෙත පැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කිරීම අද (23) දින සිදුකිරීමට නියමිතය.














