මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානු පිරිස් වෙත දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මැද පෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක වාතාවරණය හමුවේ බලාපොරොත්තු නොවූ ලෙස ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ හැකියාවක් පවතින බව නවතම නිවේදනය මගින් පෙන්වා දෙයි. ඉරානය සහ එම පාර්ශ්වයන් විසින් ලොව පුරා පිහිටි අමෙරිකානු ආයතන, ව්‍යාපාර හෝ ජාතිකයන් ගැවසෙන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවද එහි සඳහන් වේ. මැද පෙරදිග රැඳී සිටින අමෙරිකානුවන්ට ගුවන් ගමන් බාධා පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසත්, පිටත සිටින අය එම කලාපයේ සංචාරය කිරීම ගැන නැවත සලකා බලන ලෙසත් උපදෙස් දී ඇත.














