27 April 2024
#දේශීය

මාරක අනතුරු කරන මගී බස් රථ වල ලයිසන් කැන්සල්

දෛනිකව ඉහළ යමින් ඇති මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටු වන නව නීති සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කරන ආකාරයට  ගත වු වසර 5 ක දත්ත සළකා බැලීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් බලපත‍්‍ර අත්හිටුවීමේ තීරණය ගෙන ඇත.

අදාළ දත්ත විශ්ලේෂණය කිරීමේදී  සිදුවූ මාරක රිය අනතුරුවලින් සියයට 10 ක් සිදුව ඇත්තේ බස් රථවලින් බවයි අනාවරණ වී ඇති අතර  පවතින නීතිමය තත්ත්වය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනූවය.

තවද පොලීසියේ මෙම තීරණයට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගියදා  නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ හමුදා සාමාජිකයකු මියගිය   රිය අනතුර බවත් වාර්තා වෙයි.

  

Leave a comment

Your email address will not be published. Required fields are marked *