27 April 2024
#සංවර්ධන

හෝමාගම තාක්ෂණ නගරයේ ඉදිකිරිම් සිග්‍රයෙන් – අතිරේක ලේකම් වෛද්‍යරත්න

දැනුම උසස් තාක්ෂණය සහ නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයකට මග කියන හෝමාගම ප‍්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරයේ කටයුතු මේ මොහොතේ සීග‍්‍රයෙන් සිදුවෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහානගර) මාධව වෛද්‍යරත්න මහතා පවසයි.

ලේකම්වරයා මෙම අදහස් පළ කර සිටියේ සමාජ ජාල වෙබ් අඩවි වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක ලේකම්වරයා, “ විශේෂයෙන්ම මේ වන විට ප‍්‍රධාන විශ්වවිද්‍යාල තුනක් වන කොළඹ, මොරටුව සහ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයන් හි තාක්ෂණික පීඨයන් මෙම ප‍්‍රදේශවල ඉදිවෙනවා. මේ සඳහා පූර්ව අවශ්‍යතාවයක් හැටියට අප හඳුනාගෙන තිබෙනවා මෙම ප‍්‍රදේශයේ යටිතල පහසුකම් විශේෂයෙන්ම මාර්ග පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, ඒ යටතේ ප‍්‍රධාන මාර්ග ලෙස පිටිපන – තලගල මාර්ගය, දාම්පේ මාර්ගය, උඩුවන පන්සල හන්දිය මාර්ගය, කහතුඩුව ජම්බුගස්මුල්ල මාර්ගය සහ මාහේනවත්ත නව පිවිසුම් මාර්ගය ඇතුළු තවත් නව පිවිසුම් මාර්ග කිහිපයක් සමග කොටස් 6 ක් අප හඳුනාගෙන තිබෙනවා.

ඒ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළපොත් ගබඩාවේ සිට තාක්ෂණ විශ්ව විද්‍යාලය හරහා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් මාසයේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා රජය රුපියල් මිලියන 148 ක මුදලක් ආයෝජනය කර ඇති අතර එය 2019 ජූලි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තුවනවා. මෙම මාර්ග පද්ධතිය මගින් එම ප‍්‍රදේශයේ ඉදිවන සියළුම තාක්ෂණ පීඨ, විශේෂයෙන්ම හරිත විශ්ව විද්‍යාලය, නැනෝ තාක්ෂණ ආයතන ඇතුළු දැනට පවතින ආයතන ගණනාවකට වඩාත් උසස් අන්දමින් ගමනා ගමන පහසුකම් සැපයීම සිදුවනවා ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *